හැඳින්වීම
කිතුල් සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු.
අංක 2219 – 37 හා 2021.03.17 දිනැති විශේෂ ගැසට්පත්රය මඟින් ස්ථාපිත කිතුල් සංවර්ධන මණ්ඩලය දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශ වල ස්ථාපිත වූ ඓතිහාසික කර්මාන්තයක් වන කිතුල් කර්මාන්තය ගෘහාශ්‍රිත කිතුල් කර්මාන්තයක් වශයෙන් ආරක්ෂා කිරීමට ප්රමුඛත්වයක් ලබා දෙමින් ජාතික කිතුල් සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටී.
කිතුල් සංවර්ධන මණ්ඩලය, කිතුල් කර්මාන්තයේ නියැලී සිටින ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම සහ නව තාක්ෂණය සහ වෙනත් ක්‍රම මඟින් දේශීය අපනයන ඉපැයීම් දියුණු කිරීම අරමුණු කරයි.
ඒ අනුව මෙම නිල වෙබ් අඩවිය හරහා ඊට උපකාරී වන සේවාවන් සැපයීමත් ගැණුම්කරුවන් හා විකිණුම්කරුවන් සම්බන්ධ කිරීමේ වේදිකාවක් ලෙසත් භාවිතා කරනු ඇත.
දැක්ම
ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.
මෙහෙවර
ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගනිමින් කිතුල් කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට පහසුකම් සැලසීම තුළින් පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.