ග්‍රාමීය ආර්-ථිකයට සුවිශේෂී දායකත්වයක් දෙමින් කෘෂි නිෂ්පාදන ප්‍රචාරණය කිරීමේ අරමුණින් 2024.03.02 සිට 2024.03.05 දක්වා තංගල්ල බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ පැවති ප්‍රදර්ශනයේ දී කිතුල් සංවර්ධන මණ්ඩලයේ දායකත්වයෙන් එම ප්‍රදේශයේ කිතුල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අලෙවිසැලක් හා කිතුල් නිෂ්පාදන ප්‍රදර්ශන කුටියක් පවත්වන ලදි. මෙම ප්‍රදර්ශනයේ එක් දිනක් පාසල් ළමුන් සඳහා වෙන් කරන ලද අතර එම දින අප ප්‍රදර්ශන කුටියෙන් නොමිලේ කිතුල් කැඳ කොප්පය බැගින් පාසල් ළමුන්ට ලබා දෙන ලදි. එදිනම තෝරා ගත් පාසල් ළමුන් පිරිසකට කාර්මික තාක්ෂණික ආයතනයේ ආචාර්ය රණසිංහ මහතා විසින් කිතුල් ශාකයේ ඉතිහාසය හා ඒ වටා ගෙතුණු කර්මාන්ත පිළිබඳව වැදගත් දේශනයක් පවත්වන ලදි. තවද තරුණ පිරිස මෙම කර්මාන්තය සඳහා උනන්දුව ඇති කිරීමේ අරමුණින් කිතුල් ශාකයේ ආදර්ශ ප්‍රදර්ශනය කරන ලදි.