සංස්කෘතික, සමාජමය හා ඓතිහාසික වටිනාකමක් සහිත පරිසර හිතකාමි ශාකයක් වන කිතුල් ශාකය වටා ගෘහ ර්කමාන්ත කිහිපයක් පවත්වා යනු ලබයි. පහතරට හා උඩරට තෙත් කලාපය පුරා මෙම කිතුල් ශාකය විසිරී ඇත. මෙම ශාකයේ වටිනාකම හඳුනා ගනිමින් ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් 2024.04.10 දින රත්නපුර කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල් පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.